සජබ විරෝධය මැද පුද්ගලයෙක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මාර්ගයේ ගමන් කරමින් සිටි පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරුපැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබෙනවා.

ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් වනවා.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර, ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පහරදීම සිදුකල නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කල බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය සඳහන් කරනවා.

කෙසේ වෙතත් පහරකෑ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පැවසුවා.

හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ, එවැන්නක් වාර්තා වී ඇති බවත්, එම අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බවයි.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *