පෙබරවාරි ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා. ඒ අනුව, පෙබරවාරි මාසය සඳහා ද ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත පරිදි නොවෙනස්ව පවතිනු ඇත ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 (ගෘහස්ථ) – රුපියල් 3,690.00කිලෝග්‍රෑම් 5 – රුපියල් 1,482.00කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 694.00

”මහින්ද රාජපක්ෂ සමයේ ජනපති අරමුදලින් ජවිපෙ ගලප්පත්ති සහ නිපුණආරච්චි මුදල් ලබාගෙන තියෙනවා”

ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි සහ නිහාල් ගලප්පත්තිගේ බිරිඳට, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ජනපති අරමුදලෙන් රෝහල් බිල් ගෙවා ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසනවා. සිය මුහුණුපොතේ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියා. ඒ ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ලබාගත් වෛද්‍යාධාර පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආරම්භ කළ තොරතුරු දැනගැනීමේ […]

බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා, “බස් හිමියා දන්නවා තමන්ගේ බස් රථ […]

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.  ඒ අනුව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 […]

කතානායකට එරෙහි පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

පාර්ලිමේන්තුවේ වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කරන ලද බරපතල දූෂණ චෝදනා 8ක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කොමිෂන් සභාව, මෙම පැමිණිලි විමර්ශනය කරන ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ අතර, ඒ […]

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට

තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඒ අනුව මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව පෙර පැවති රුපියල් 60 මිලෙහිම පවතියි. සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මුලික බර පංතිය ග්‍රෑම් 20 සිට ග්‍රැම් 30 දක්වා සංශෝධනය කර ඇති […]