නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගළ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මින් පෙර නිකුත් කර තිබූ රතු නිවේදන එළැසින්ම බලපැවැත්වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දේකැටිය, හපුතලේ, පස්සර සහ බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, […]
පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටෙයි

අද (22) උදෑසන 7.30ට පමණ ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් කැබ්රථ රියදුරා බලපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පයාගල පොලීසිය ප්‍රකාශ කරයි. මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතිය නිසියාකාරව ක්‍රියා නොකරන අතර දුම්රිය හරස් මඟට නිසි ආරක්ෂිත ගේට්ටුවක් ද සවිකොට නොමැති බව වාර්තා […]
“මම පත්තර බලන්නේ නෑ, ඕවා ගැන දන්නෙත් නෑ..”

වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ දෙවසරක පාලන කාලය පිළිබඳව තමන්ට නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ පිළිබඳව සැබෑ තත්ත්වය දැන ගැනීමට නම් සාමාන්‍ය ජනතාවගෙන් විමසන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පෙරේදා (20) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා […]
අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සම්බන්ධව කරුණු රැසක් පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ. ඒ අනුව පොලීසිය පැවසුවේ අදාළ වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙකු බවත් ඔහු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවටත් විමර්ශනවලදී අනාවරණය වූ බවය. පසුගිය 13 වැනි දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු […]
අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් තිබෙනවා. කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ […]