අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වෙඩික්කරුවකු වෙඩි ප්රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් තිබෙනවා.
කහදූව ප්රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කරනවා.
ඒ අනුව වෙඩික්කරු ප්රවාහනය කළ මෝටර් රථය හා රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ඊයේ (21) පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.



