“බුදුහාමුදුරුවොත් වනචාරියෙක් තමයි..”

තමන් වහන්සේලාට වර්තමාන ආණ්ඩුව විසින් ලබාදී ඇත්තේ ‘වනචාරී’ යන නාමය බවත්, බුදුරජාණන් වහන්සේටද ‘වනචාරී’ යන නාමයෙන් හැඳින්විය හැකි බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. සිදුහත් කුමරුගේ ඉපදීම, බෝසතානන් වහන්සේගේ බුදුවීම, බුදුරජාණන් වහන්සේ විසින් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වානය ආදී සිදුවීම් රැසක්ම සිදුවී ඇත්තේ වනන්තරවල බවද උන්වහන්සේ කියා සිටියා. එමෙන්ම […]

ඉහළම බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වරප්‍රසාදයක්

බදු වගකීම් නිරන්තරයෙන් ඉටු කරන වගකිවයුතු පුරවැසියන් ඇගයීම සහ දිරිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වන බදු ගෙවන්නන්ගේ කැපවීම, අවංකභාවය සහ පුරවැසි වගකීම වෙනුවෙන් උපහාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. පුද්ගල බදු ගෙවන්නන් විසින් ස්වයං තක්සේරු බදු (Self-Assessed tax) […]

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ ‘අයිස් ෆැක්ටරිය’ ගැන වාර්තාව තවමත් නෑ

නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එය කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය බවත්, එහි පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සේවය කළ බවත් 2025 සැප්තැම්බර් මාසයේදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. […]

ඔක්ස්ෆර්ඩ් සංගමය නාමල්ගෙන් සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට නියමිතව තිබූ අවස්ථාව, ආරක්ෂක හේතූන් මත පසු දිනෙක පවත්වන බවට අඳාළ සංගමය මඟින් දැනුම් දී ඇති බව සඳහන්. ඒ අනුව අදාළ දේශනය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින ඔක්ස්ෆර්ඩ් සංගමය, පැමිණ සිටින පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ […]

“දඩ ගෙවලා එළියට එන්න පුළුවන්නම් මහින්දානන්දලා හිරේ ඉන්න ඕන නැහැ…”

ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවන ගනුදෙනු සහ ඒ සම්බන්ධයෙන් දඩ අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ගැටලුසහගත තත්ත්වයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ (24) පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.   ගල්අඟුරු මිල ගණන් පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ, කිලෝ කැලරි 6150ක ගුණාත්මකභාවයෙන් යුත් […]

ගල් අඟුරු ගැන හොයන්න හත්දෙනෙක්

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ වත්මන් ක්‍රියාවලිය විමර්ශනය කර අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව විද්වතුන් හත්දෙනෙකුගෙන් (07) සමන්විත මෙම නව කමිටුව පත් කළ බව සඳහන්. මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ (සභාපති) – විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය. ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, […]

ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අනුමැතිය

ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු ශක්තිමත් කිරීමේ අරමුණින් වර්තමාන ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව විසින් සිදු කරන ලද සවිස්තරාත්මක සමාලෝචනයේදී, මෑතකාලීන ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ වෙළෙඳ කටයුතු ආශ්‍රිත දත්ත විශ්ලේෂණය කිරීම, පවතින නීති සහ අණපනත් සමඟ පූර්ණ වශයෙන් අනුකූල නොවන […]

“මට භාර දෙන්න, අවුරුදු තුනෙන් රට හදලා පෙන්නන්නම්..”

රට පාලනය කිරීමට තමන්ට භාර දෙන්නේ නම් වසර තුනක් වැනි කෙටි කාලයකදී මුළු රටම සංවර්ධනය කර පෙන්වීමට තමන් වහන්සේ සූදානම් බව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි පවසනවා. ඊයේ (24) දිනට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව ආශ්‍රමයේ පැවැති දානමය පුණ්‍යකර්මයට සහ ආගමික උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, […]

රියදුරු බලපත්‍ර 491,000ක් මුද්‍රණය කෙරේ

වසර දෙකක් පොරොත්තු ලේඛන ගතව තිබූ රියදුරු බලපත්‍ර 491,000 ක් මුද්‍රණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා. ඉන් ලක්ෂ 04ක බලපත්‍ර කාඩ්පත් තැපෑලට යොමු කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අත්අඩංගුවට

මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙනෙ වැඩිදුර ප්‍රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි. මෙම සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ […]