ගල් අඟුරු ගැන හොයන්න හත්දෙනෙක්

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ වත්මන් ක්‍රියාවලිය විමර්ශනය කර අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විද්වතුන් හත්දෙනෙකුගෙන් (07) සමන්විත මෙම නව කමිටුව පත් කළ බව සඳහන්.

මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ (සභාපති) – විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය.

ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය.

ආචාර්ය අයි.යූ. අත්තනායක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය.

ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය.

ආචාර්ය උදිත් විජයවර්ධන (සාමාජික) – විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

කේ. එල්. ආර්. සී. විජයසිංහ (කැඳවුම්කරු) – අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ අංශය), බලශක්ති අමාත්‍යාංශය

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *