“ඔබට ලැබිය යුතු ප්‍රතිඵලය අපට ලබා දීමට නොහැකි වීම ගැන මට කණගාටුයි..”

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට තම කණ්ඩායමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටු වන බව නායක දසුන් ශානක පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ අද (26) විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ දසුන්, “මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීමේ කනගාටුව ඔබත් […]

කන්ටේනර් 323 රහස එළිවෙයිද?

නිසි පරික්ෂාවකින් තොරව වරායෙන් කන්ටේනර් 323 පිට කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම රට දැනුවත් කිරීමට කටයුතු කළ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ඉහළ නිලධාරීන් තිදෙනෙකු කන්ටේනර් 323 මුදා හැරීම පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඊයේ(25) දින කැඳවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. අඳාළ කන්ටේනර් 323 පරීක්ෂා කිරීමකින් තොරව මුදා හැර ඇති […]

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා..”

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය. අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය අය. මිය ගිය අය […]

සංගක්කාරගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශේෂ සටහනක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ තරඟ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය නවසීලන්තය ඉදිරියේ පරාජයට ලක් වුණා. මෙම පරාජයත් සමඟ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව ගිලිහි ගියා. ඊයේ (25) රාත්‍රියේ පැවති මෙම තරගයෙන් ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය එක්ස් ගිණුමට විශේෂ සටහනක් […]

“ආණ්ඩුව බොරු හේතුවලට නඩු දානවා..”

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට විවිධ චෝදනා එල්ල කරමින් නඩු වලට පටලවා ඔවුන් මර්දනය කිරීමට උත්සාහ කරන  බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ඊයේ (25) පෙරවරුවේ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා. නීතිඥවරුන් බිය ගැන්වීම සහ සංඝරත්නයට එරෙහිව සමාජ […]

වටගලටත් ජීවිත තර්ජන

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට ජීවිත තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලීසිය සදහන් කරනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (25) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශයෙන් ලද […]

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ අද (26) උදැසන මෙම ගින්න හටගෙන ඇති බවය. මේ වන විටත් ගින්න පැතිරෙමින් පවතින අතර  ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොමුකර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. 

ලංවිම සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (26) දින පැය 06ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි. සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වාත් ඊට විසදුම් ලැබී නොමැති බව එම වෘත්තීය සමිති සඳහන් කළේය. ඒ අනුව අද මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක නිරත […]