ජනපති අනුර කුමාර එක උත්සවයකට මිලියන 11ක් වියදම් කරාද?

‘තිනකුරල්’ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය යාපනය සංචාරය අතරතුර කොක්කුවිල් තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති එක් උත්සවයක් සඳහා පමණක් රුපියල් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ නවදහස් හැත්තෑපහයි ශත පනහක (11,079,075.50$) දැවැන්ත මුදලක් වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් වාර්තා මගින් අනාවරණය වී ඇති බවයි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය […]

මෛත්‍රී, නලින්ද හමුවූයේ ඇයි?

සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ සේවකයින් අතර කසුකුසුවකි. “කාර්යාල කාර්ය සහකරුවෙක් තවත් අයෙකුට කීවේ අපේ හිටපු ඇමතිතුමා ඇවිල්ලා” යනුවෙන්. මෙය සිදුවූයේ පසුගිය අඟහරුවාදා දිනයේ‍. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ සිටියේ වත්මන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවීමටයි. හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාලට අමාත්‍යංශය නුපුරුදු තැනැක් නොවෙයි. විශේෂත්වයට කරුණ වූයේ ඔහු ඇමතිවරයාව සිටි කාලයේ සේවය කළ ඇතැම් […]

මර්වින්ට සහ ප්‍රසන්නට අධිචෝදනා

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (27)  අධිචෝදනා භාර දී තිබෙනවා. ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණා. එම අවස්ථාවේදී  විත්තිකරුවන් සියලු දෙනාටම විදේශගත […]

අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දීර්ඝ කාලයක් පුරාවට මෙම පනත ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ බවත්, 2002 වසරේදී ද තමා මේ සඳහා දායක වූ නමුත් මෙය සම්මත කරගත හැකි වූයේ පසුගිය 2025 වසරේදී බවද ඔහු කියා සිටියා. ලංකාව […]

‘හිමිකම’ ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විදින ජනතාවට එම ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී එම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් […]

“පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව..”

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.  ඔහු මේ බව ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත්  ‘පොඩි ලැසී’ දිවයිනට ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි. 2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර […]

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලිසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනවිත් තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.  […]

පොඩි ලැසී දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත්  ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.  රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී. 2024 වසරේදී දෙසැම්බර් 09වෙනිදා ඇප ලබා ගැනීමෙන් අනතුරුව […]