මර්වින්ට සහ ප්‍රසන්නට අධිචෝදනා

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (27)  අධිචෝදනා භාර දී තිබෙනවා.

ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණා.

එම අවස්ථාවේදී  විත්තිකරුවන් සියලු දෙනාටම විදේශගත වීම තහනම් කළ අතර, ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණ භාරයට ගන්නා ලෙස නියෝග කළා.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අතිරේක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.

රජයේ ඉඩම් අනිසි ලෙස පරිශීලනය කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *