ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

ජේකොබ් බෙතෙල්ගේ අනපේක්ෂිත ප්‍රහාරය අවසන් මොහොතේ නවත්වාගත් ඉන්දීය කණ්ඩායම, එංගලන්තය ලකුණු 7කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට අද (5) රාත්‍රියේ සමත් විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 254ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 246ක් රැස්කළේය. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් […]
මෝචරියේදි තරුණියකගේ මළ සිරුරක් දුෂණය කරලා

දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබු කාන්තා මළ සිරුරක් එම රෝහලේ සේවය කරන සේවකයින් තිදෙනෙකු විසින් දූෂණය කලේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් එම සේවකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට බල කරමින් හැටන් ඇබෝස්ලි වතුයායේ වතු කම්කරුවන් විශාල පිරිසක් (05) දින එම රෝහලට පිවිස උද්ගෝෂණය කිරිම හේතුවෙන් පොලිසිය සහ වතු කම්කරුවන් අතර, අවස්ථා කිහිපයකදී දැඩි උණුසුම් තත්වයක් ඇති විය. […]
“අපිට ඇමෙරිකන් වීසා ඕනෙත් නෑ බල්ලෝ ඕනෙත් නෑ..”

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව මැදපෙරදිග කලාපයේ සිදුකරන හමුදා ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, දැඩි ලෙස විවේචනය කළා. ලෝකයේ සෙසු රටවල් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් දැයි ඔහු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඒ අනුව, ට්‍රම්ප්ට බයේ සිටීමට නොහැකි බවත්, මෙලෙස රටවල්වලට බලහත්කාරයෙන් තර්ජන සිදු කිරීමට ඔහු ගමක සිටින චණ්ඩියෙක්දැයි ගැටලුවක් […]
සලේ පාස්කු නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ

රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පියවර ගත්තා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර […]
දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය. මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු […]
‘අනුර පරිණත නායකයෙක්’

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී ඉරාන යුද නෞකාවකට ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධයෙන් කලාපීය නායකයන් පරිණත ලෙස කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි. ඉන්දියා ටුඩේ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති අනුර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට දෙන්න සාකච්ඡා

හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසනවා. අද පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාක්ච්ඡාවක්දි ඔහු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස […]
දිට්වාට මුහුණදුන් හැටි හොයන්න පාර්ලිමේන්තු කමිටුවක්

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. දිට්වා සුළිකුණාටුවට මුහුණ දීමේදී බලධාරීන් සතුව පැවති පූර්ව සූදානම සහ එහි අඩුපාඩු පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සහ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන […]
ට්‍රම්ප්ගේ යුද්ධයට එරෙහි සෙනෙට් යෝජනාව පරදී

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ. කොංග්‍රස් අනුමැතියකින් තොරව ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග නවතා දමන ලෙස අදාළ යෝජනාව ඉදිරිපත්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් එම යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් හිමි වු අතර විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට […]