ට්‍රම්ප්ගේ යුද්ධයට එරෙහි සෙනෙට් යෝජනාව පරදී

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ.

කොංග්‍රස් අනුමැතියකින් තොරව ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග නවතා දමන ලෙස අදාළ යෝජනාව ඉදිරිපත්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් එම යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් හිමි වු අතර විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට පත්වි තිබේ.

අදාළ යෝජනාව පරාජයට පත්වීමත් සමග ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද දැඩි කර තිබේ.

මේ වන විට ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පුද්ගලයින් 72කු පමණ මෙහිදි මියගොස් ඇති බව සඳහන්ය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් කිසිවිටකත් යටත් නොවන බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

හිස්බුල්ලා සංවිධානයේ නායක නයිල් කසේම් ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට සූදානම් නොමැති බවය.

මේ වන විටත් දකුණු ලෙබනන් කලාපයේ හිස්බුල්ලා සහ ඊශ්‍රායල් හමුදා අතර දරුණු ගැටුම් පවතින බව වාර්තා වේ.

මේ අතර සෞදි අරාබියාවට එල්ල වූ කෘෘස් මිසයිල 3ක් විනාශ කිරීමට සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අල් කරාජ් නගරයට එල්ල වු මිසයිල ප්‍රහාර 3ක් මෙලෙස විනාශ කිරිමට හැකි වූ බව ඔවුන් පෙන්වා දෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *