ලංකාවටත් Work From Home යන්න වෙයි ද?

පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. බලශක්තිය ද ආරක්ෂා කරගනිමින් ජනතාවට ඉදිරියට ගමන් […]
“ලංවිම අහෝසි කර විදුලි සමාගම් හැදුවේ බලශක්ති සුරක්ෂිතතාවට..”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (12) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම […]
ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ එයාර් බස් ගුවන් යානා […]
අරක්කු ණයට දෙන ක්‍රමයක්

වතු ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සමහර බාර් හිමියන් වතු කම්කරුවන් සදහා ණය ක්‍රමයට අරක්කු ලබා දීම තුලින් වතුකරයේ පවුල් අතර විවිධ ආරවුල් ඇති වෙමින් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදි 11වන දින මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන […]
“උත්සව කියන්නේ බෞද්ධ වචනයක්..”

උත්සව කියන වචනය බෞද්ධ වචනයක් බවත්, වර්තමානය වන විට මෙරට බෞද්ධ සහ සිංහල සංස්කෘතික උත්සව විනාශ කිරීම සඳහා සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙන්ම වෙසක් උත්සවය ඉලක්ක කරගනිමින් මෑතක සිට විවිධ මතභේද හිතාමතාම නිර්මාණය වෙමින් පවතින බවයි. සිංහල අලුත් අවුරුද්ද යනු හින්දු […]
රටේ අනාගතය ගැන කියන හිටපු ජනපති මහින්ද

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ප්‍රශ්නය – වත්මන් රජය සම්බුද්ධ සාසනයට දක්වන සේවය සම්බන්ධයෙන් ඔබතුමාගේ […]
ඥානසාර හිමිට අධි චෝදනා

බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක් වූ බවට එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවේ දැනුම් දුන්නේය. නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලිසිය අධිකරණයට දැන්වීය. උන්වහන්සේට එරෙහිව ගොනු කර […]
“නොරොච්චෝල පොඩි ප‍්‍රශ්ණයක් තියෙනවා, නමුත් අපට ඇතිවෙන්න ඉන්ධන තියෙනවා..”

පවතින ගෝලීය තත්ත්වයන් සහ විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, රටේ විදුලි සැපයුම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික පද්ධති ක්‍රියාකාරී සමාගමේ සභාපති ප්‍රදීප් පෙරේරා මහතා අවධාරණය කරයි. ජාතික පද්ධති මධ්‍යස්ථානය (National System Control Centre) මගින් මොහොතින් මොහොත ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම හා සැපයුම සමතුලිත කිරීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය. ලංකා විදුලිබල […]
ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යය අධිකරණයේදී වරදකරු වෙයි

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර තිබේ. 38 හැවිරිදි සුකීර්තන් තංගරාසා නමැති මෙම පුද්ගලයාට එරෙහිව පෝර්ට්ස්මත් ක්‍රවුන් ‘Portsmouth Crown Court’ අධිකරණයේදී නඩු විභාගය පවත්වා තිබේ. 2025 අගෝස්තු 15 වන දින සවුත්හැම්ප්ටන් හි ‘හයිෆීල්ඩ් හවුස්’ (Highfield […]
“ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි..”

විදුලිබල ප්‍රතිව්‍යූහගතකරණය අවසන් බවත් වෘත්තීය සමිති යථාර්ථය තේරුම් ගැනීම ගැන සතුටු වන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සදහන් කර තිබේ . බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (11) දින විදුලි බල ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ, සේවක අයිතිවාසිකම් සුරැකීම, සමහර වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත . බලශක්ති […]