අද පොදු ප්‍රවාහන සේවාවන්හි වෙනසක්

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසුවේ මෙම  නිවාඩුව පාසැල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ කේෂ්ත්‍රයටද අදාළ බවය. එමෙන්ම රජයේ අනුමත පාසැල් හා පෞද්ගලික උපකාරක […]

පාර්ලිමේන්තුවටත් අද දවසේ නිවාඩු

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන, අද (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ විවිධ මාධ්‍ය වාර්තා කර […]

“ඉන්ධන නැවු පරක්කුයි.. ඉන්ධන මිල වෙනස් විය හැකියි..”

පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉන්ධන නැව් කිහිපයක් මෙරටට ළඟාවීම ප්‍රමාද වීම හේතුවෙන් සැලසුම් කළ ඉන්ධන සැපයුමේ යම් අඩුවක් මතුව ඇති බවත්, එම තත්ත්වය කළමනාකරණය කරමින් අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීමට රජය කඩිනම් පියවර ගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බොරතෙල් රැගත් නැව් […]