ගෝඨාභයව අත්අඩංගුවට ගැනීමේ කතා ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

පාස්කු විමර්ශනයන්ට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීම හෝ විමර්ශන සඳහා කැඳවීම පිළිබඳ තීන්දුව ගනු ලබන්නේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකරන ප්‍රකාශ සහ විමර්ශනවලින් අනාවරණය වන කරුණු මත පදනම්ව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සුරේෂ් සලේගේ ප්‍රකාශත් සමඟ […]

කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංගයක්

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධියට අදාළව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය පියවර ගෙන තිබෙනවා. මෙම යෝජනාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු මේ වන විටත් සිය අත්සන් තබා ඇති අතර අදාළ විශ්වාසභංග යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත නිල වශයෙන් භාරදීමට නියමිතයි.

“ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා.. අනුර කුමාරට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා..”

මේ වන විට අපේ රටට රටට අනාගතේ මූණ දෙන්න වන ඇත්ත අර්බුද නොකියා ජනාධිපති සුන්දර කතා ගොතා කීමෙන් කිසිම යහපතක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ.  ඒ අද පැවති කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් “ගෝඨාභය […]

දුරකථන අංකය වෙනස් වූ අයට QR ගැන දැනුම්දීමක්

QR සඳහා මීට පෙර ලියාපදිංචි වී ඇති දුරකථන අංකය සම්බන්ධයෙන් ගැටලු පවතින වාහන හිමියන්ට, තමන් දැනට භාවිතා කරන වත්මන් දුරකථන අංකය මගින් QR කේතය සකස් කර ගැනීමට අද (18) පස්වරුවේ සිට අවස්ථාව හිමි වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේ අතර QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයින්ට සහය වීම […]

කොළඹ නගරයේ Parking අද සිට නොමිලේ

පවත්නා අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි රථ ගාල්වල වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ. කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේ, මහජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා මෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් නගර සභාව […]

QR ලියාපදිංචියට WhatsApp අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ලිංයාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයින්ට  076 000 19 19 යන WhatsApp අංකය වෙත වාහනයේ අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කර ගත හැකි බව සඳහන්ය. ඒ සමගම ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ […]

ඔත්තේ, ඉරට්ටේ අංක අනුව හෙට සිට ඉන්ධන

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ 0 නම් ඉරට්ටේ දිනවලත්, සෙසු අංක සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇත. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින […]

කුමාර ජයකොඩි හෙටම අමාත්‍ය ධුරයෙන් ඉවතට?

තම රජයේ කවර හෝ අමාත්‍යවරයෙකු අමාත්‍ය ධුරයේ බලතල භාවිත කරමින් සිදුකළ වංචාවකට අධිකරණය හමුවේ අධිචෝදනා ලැබුවහොත්, පසුදිනම ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට තමා පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වන චෝදනා සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු […]

“ඉන්ධන නැතිවීමේ අවධානමක් තියෙනවා..”

ජනතාවට අවශ්‍ය පරිදි ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාගතහොත් ඉන්ධන නැති වීමේ අවධානමක් මතුවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා. ලෝකයේ බොහෝ රටවල මෙම ඉන්ධන ගැටලුවට පිළියමක් වශයෙන් සතියකට දින කිහිපයක්ම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවත්, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි රටවල් යම් ප්‍රමාණයකට අගුලු දැමීමකට (Lock Down) ලක් කර ඇති බවත්, ඔහු සඳහන් කළා. […]

බදාදා දින දුම්රිය කාලසටහන නිකුත් කෙරේ

රජයේ කාර්යාල සඳහා අද (18) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, දුම්රිය ධාවන කටයුතු සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ ක්‍රියාත්මක වන්නේ සෙනසුරාදා දිනවලට අදාළ දුම්රිය කාලසටහන පමණක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. විශේෂ නිවාඩු දිනය වෙනුවෙන් සකස් කර ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාවන් පහතින්, මුහුදුබඩ මාර්ගය: ගමන් වාර […]