වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්..

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩිකළ නව බස් ගාස්තුව මේ මොහොතේදී ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (24) දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවන කටයුතු සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය […]
බස් ගාස්තුව සියයට 12.19කින් ඉහළට

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ […]
“බස් ධාවනයෙන් ඉවත් වීම වර්ජනයක් නෙමෙයි..”

බස් ධාවනයෙන් ඉවත් වීමට අද (23) ගත් තීරණය වර්ජනයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග පැරණි බස් ගාස්තුව යටතේ ධාවනය කළ නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ නමුත් මෙය කිසි සේත් වර්ජනයක් නොවන බවය. නව බස් ගාස්තු සංශෝධනය ඊයේ දිනයේ සිට […]
ඉරානයට එරෙහි යුද ගැටුම් දින පහක් අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කරයි

මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කර තිබුණේ ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි. ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ සඳහන් […]
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය. එමෙන්ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද […]
මැදපෙරදිග බාන්න බෑ.. එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එතිහාඩ් මත්තල ඉල්ලයි..

මැදපෙරදිග කලාපය තුළ ව්‍යාප්ත වෙමින් පවතින යුධ ගැටුම් හේතුවෙන්, එම කලාපයේ ප්‍රධාන ගුවන් සේවා තුනක් සිය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිතා කිරීමට අවසර ඉල්ලා ඇත. එමිරේට්ස් (Emirates), කටාර් එයාර්වේස් (Qatar Airways) සහ එතිහාඩ් (Etihad) යන ගුවන් සේවා ආයතන මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට ඒ […]
රනිල්ට නිල ආරාධනාවක් කලා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ (University of Wolverhampton) පැවැති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයේ එම විශ්වවිද්‍යාලය කළ නිල ආරාධනයකට අනුව බව එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. එම උපාධි ප්‍රදානෝත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමා තිබිණි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට […]
“රනිල් වික්‍රමසිංහ ලොක්කා මාර චාන්ස්කාරයා.. 68 ලක්ෂේ ගහනකොට කටාස් ගාලා සාපයක් වඳිනවා..”

වත්මන් ආර්ථික අර්බුදය පවතින විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් ඔහු රට ‘නාගන්නා’ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. පසුගිය දිනවල රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළ අතර, එය රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ වරමක් බව ද ඔහු පෙන්වා දුන්නේය. “රනිල් වික්‍රමසිංහ ලොක්කා මාර චාන්ස්කාරයා. කොවිඩ් […]
මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්

2009 වසරේදී එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කළ බවට හිටපු අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් බරපතළ තොරතුරු හෙළි වී ඇති බව ලන්ඩන් නුවර පදනම් කරගත් ජාත්‍යන්තර සංවිධානයක් සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ. එම සංවිධානය පවසන්නේ, 2009 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති බවත්, එම පරීක්ෂණ […]
ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම්

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි. මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය. හෝමූස් […]