ලයිට් නිවලාදැයි බලන්න රට පුරා පොලිසිය යොදවයි

රජයේ බලශක්ති පිරිමැසුම් ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සැලකිල්ලට ගනිමින්, දිවයිනේ සියලුම පොලිස් බලප්‍රදේශවල අනවශ්‍ය ලෙස දල්වා ඇති විදුලි පහන් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර තිබේ. ඒ අනුව, පොලිස් වසම් තුළ ඇති වීදි ලාම්පු සහ වෙළඳ ප්‍රදර්ශන පුවරු සඳහා භාවිත කරන විදුලි බල්බ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කර වාර්තාවක් ඉදිරිපත් […]
සිංගප්පුරුවේදී බයිපාස් කරගෙන රනිල් ලංකාවට එයි

පසුගිය 19 වනදා සිංගප්පූරුවේදී ශල්‍යකර්මයකට භාජනය වූ එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ප්‍රථම යළි මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ. අදාළ වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දැනගන්නට ඇත. රෝහල් පරිශ්‍රයෙන් නික්ම යාමට වෛද්‍යවරුන් විසින් අනුමැතිය […]
“රෑට කරන වැඩ දවල්ට කරන්න අපිට උදව් වෙන්න..”

ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොග විටින්විට ප්‍රමිතියෙන් බාල වී ඇති බවත්, ඒ අනුව ඩීසල්වලින් විදුලිය වැඩියෙන් නිපදවීමට සිදුවීම නිසා ගැටලුවක් උද්ගත වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ 55 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙන් ඊයේ (05) වව්නියාවේදී පැවති උත්සවයක් අමතමින් […]
ප්‍රදේශ කිහිපයකට උදෑසන 8 සිට ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවයි. ඒ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා […]
GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. ඒ අනුව අද (06) විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස […]