බලය ගන්න මාතර සමූපකාර රෝහල පොර පිටියක් කළ NPP සෙට් එක

මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට ජාතික ජලබලවේගය පිරිසක් උත්සහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊට විරෝධය පල කරමින් එහි සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක් සිදු කළ බව ද සඳහන්ය. මාතර සමුපකාර රෝහල් ආරෝග්‍ය ශාලා සමිතියේ සාමාජිකයින් බව බව කියන එම කණ්ඩායම රෝහල තුළට ඇතුළු වු […]
පෙට්‍රල් වාහනවලට ‘QR’ ක්‍රමය ඉවතට

උත්සව සමය හේතුවෙන් අද (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බවයි. නමුත් එම වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී මේ වන […]
“බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක්..”

අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බුලත් විට කෙළ ගැසීම සඳහා ස්ථානයක් නොමැති බවත් පොදු පහසුකම් සැකසීමේ දී රටේ සංස්කෘතික භාවිතයන් පිළිබිඹු කරන බවට රජය සහතික කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික නිශාන්ත ඩයස් පවසයි. බස් නැවතුම්පොළ මෑතකදී ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කළද, බුලත් විට කන පුද්ගලයන් සඳහා බලධාරීන් විධිවිධාන සළකා […]
සජබ සභාපති ධුරය කබීර් හෂීම්ට

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ. සමගි ජන බලවේගයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි..

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සමාව අයැදීමේ ලිපියක් යොමු කර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු විදේශීය පන්දුවාර 20 ලීග් තරඟාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය අනාන්තරික සහතිකය (NOC) ලබා නොදීමට එරෙහිව තමන් ගත් නීතිමය ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි. මෙම […]
සීසීඩී හිටපු ලොක්කන්ව අත්අඩංගුවට ගන්න එපායැයි ශානිට නියෝගයක්

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසලදී ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත […]
හිටපු ජනාධිපති මහින්ද අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වසර දහයක් තිස්සේ ලබා නොදුන් සිය වත්කම්, බැරකම් සහ ආදායම් මාර්ග පිළිබඳ විධිමත් දිවුරුම් ප්‍රකාශය අප්‍රේල් 10 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී තිබේ. ඒ, අදාළ තොරතුරු ලබා දීම සඳහා කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක නියම කර තිබූ අවසන් දින 14 ක කාලසීමාව […]
සඳ ගමන නිම කළ ආටෙමිස් II යළි පෘතුවියට

සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව නිමා කළ ‘Artemis II’ යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්ස වූ බව විදෙස් පුවත් වාර්තා කරනවා. දින දහයක සාර්ථක සඳ ගවේෂණයකින් පසුව මෙම යානය අද (11) අළුයම් කාලයේදී ගොඩ බස්වා තිබෙනවා. යානය පතිත වූ ස්ථානයට ඉහළින් රැඳී සිටින හෙලිකොප්ටර් යානා මගින් ගගනගාමීන් එක් අයෙකු බැගින් එළියට […]