“සලේ නීතීඥයා මමයි.. මට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ..”

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් අද පවත්වන මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. “මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස මම කටයුතු කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවටත් ඒ නිසාම නීතිඥවරයා ලෙස ඔහුව මුණ ගැසීමත් තහනම් කළ බවටත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා.  මම හිතන්නේ ඒ සියළුම මාධ්‍ය […]

ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22 ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය. ඒ […]

ශම්මි බදාදා ක්‍රිකට් සභාපතිකමින් ඉල්ලා අස්වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. එම වාර්තාවට අනුව ෂම්මි සිල්වාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස රජය පාර්ශවයෙන් කළ දැනුම්දීමකට අනුව ඔහු ඉල්ලා අස්වන බව දැනගන්නට ඇත. ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු වන එරාන් වික්‍රමරත්න පත්කිරීමට […]

මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්. මෙම සිදුවීම සඳහා ඉඩම් ආරවුලක් මුල් වී ඇති බවත්, අදාළ ඉඩම තමන් සතු බව මන්ත්‍රීවරයා පවසන අතර, තවත් පාර්ශවයක් ද එහි අයිතිය ඉල්ලා සිටින බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා. මේ […]

CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට ගිය හේතුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නිවසට ගොස් ඇත්තේ, ඇය විසින් කළ ලිඛිත ඉල්ලීමක් හේතුවෙන් බව වාර්තා වී තිබේ . එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන ඉකුත් 24 වෙනිදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෘද රෝග සැත්කමකින් පසු සුවය ලබමින් සිටියදී ඔහුගේ බිරිය […]

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ගලකින් පහරදුන් බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 25 වනදා ඇති වූ මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව ඉලවාලි පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කර ඇත. පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා […]

“හැකර් කෙනෙක් වංචාවක් කළොත් අහුවෙන්න මාස 2ක් යනවා..”

ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය පිළිබඳව වර්තමාන රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා. දිට්වා සුළි කුණාටුව නිසා සිය නිවාස සහ දේපල […]

නලින් බණ්ඩාර කළ ප්‍රකාශයට ‘RDA’ එකෙන් පිළිතුරු

මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ, එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් පමණ 2023 වසරේදී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට, වැරදීමකින් යළි ගෙවා ඇති […]

‘සාගරිකා’ අද සිට යළි ධාවනයට

පසුගියදා පිලී පැනීමට ලක්වු ‘‘සාගරිකා‘‘ දුම්රිය අද (27) සිට යළි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේ අදාළ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවය. පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක් වූ අතර එහිදි […]