මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ගලකින් පහරදුන් බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 25 වනදා ඇති වූ මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව ඉලවාලි පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යොමුව ඇති අතර, මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

එහි මන්ත්‍රීවරයා සහ කාන්තාව අතර ඇති වන බහින්බස් වීමක් සහ මන්ත්‍රීවරයා සන්තකයේ ගිනි අවියක් ඇති ආකාරය ද දැකගත හැකිය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *