ඡන්ද නීති අලුත් වෙයිද? විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ. කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. පළාත් සභා ඡන්ද විමසීම් නීති හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම, අදාළ සමාලෝචනය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම, පවතින නීතිමය […]

කපිල චන්ද්‍රසේනට ඇප

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට […]

“විජේ කච්චතිව් ඉල්ලුවා නේද..? කච්චතිව් විතරක් නෙමෙයි යාපනයම තමිල්නාඩුවට දෙන්න..”

යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ කච්චතිව් දූපත පමණක් නොව මුළු යාපනයම තමිල්නාඩුවට භාර දෙන ලෙසයි. බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසමින් ඔහු පෙන්වා දුන්නේ ඩෙල්ෆ් දූපතේ ජනතාව දැඩි විදුලි අර්බුදයකට මුහුණ දී සිටින බවයි. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ඩෙල්ෆ් දූපතේ අඩකට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය […]

වත්මන් රජයේ එයාර් බස් ගනුදෙනුවක රහස් එලියට පනී..

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාස ගණනාවක් තිස්සේ ‘වාණිජ රහස්’ ලෙස හුවා දක්වමින් මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කළ වර්තමාන රජය යටතේ ගෙන්වන ලද එයාර්බස් A330-200 (4R-ALT) ගුවන් යානය ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළ මූල්‍ය තොරතුරු දැන් හෙළිදරව් වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ලබා දුන් තීරණාත්මක නියෝගයකට අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම […]

විජේ දිනවූ අවසන් නිල ප්‍රතිඵල

තමිල්නාඩු ප්‍රාන්තයේ 17 වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට දකුණු ඉන්දීය සිනමා තරුවක් වන විජේගේ තමිළග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත්ව තිබෙනවා. ආසන 234 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 108 ක් දිනාගනිමින් ඔහු තමිල්නාඩු දේශපාලන සිතියම අලුතින් ලිවීමට සමත්ව ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කළා. වසර 50 කට අධික කාලයක් තමිල්නාඩුව පාලනය කළ […]