“ගල් අඟුරු නැව් දෙක මුහුදේ පාවෙද්දී, කොමිසන් දාලා කට වහන්න හදනවා…”

ගල් අඟුරු සහිත නැව් දෙකක් ගොඩබාගත නොහැකිව මහ මුහුදේ පාවෙමින් තිබියදී, විදුලි බිල සහ තෙල් මිල පිළිබඳ පවතින මහජන විරෝධය යටපත් කිරීමට රජය විවිධ කොමිසන් සභා උපක්රම ලෙස භාවිත කරමින් සිටින බව පාඨලී චම්පික රණවක පවසයි. මාතර ප්රදේශයේ පැවති සම්මන්ත්රණයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවට රජය අතීත ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ […]
තමිල්නාඩු නව මහ ඇමතිගේ ඇස ශ්රී ලංකාව දෙසට

ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවටගත් ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා සුදුසු රාජ්ය තාන්ත්රික මාර්ග හරහා ශ්රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙස තමිල්නාඩු මහ ඇමති තලපති විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයාගෙන් ඉල්ලා තිබේ. ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා වෙත ලිපියක් යොමුකරමින්ය. ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවටගත් තමිල්නාඩු ධීවරයින් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති ධුරයේ පසුගියදා […]
අරවින්ද ද සිල්වාගේ මෙහෙකරු ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාට අධිකරණය හමුවේ ව්යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (12) නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ප්රකට ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ මෙහෙකරු ලෙස සේවය කරන බව කියන […]
“රටට අලුත් යුගයක් අවශ්යයයි.. රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම්..”

තමන් කිසිසේත්ම ආණ්ඩුවට එක්වීමේ සූදානමක් නොමැති බවත්, මධ්ය දක්ෂිණාංශික කඳවුරට අනාගතයේදී නායකත්වය ලබාදීම තම ඒකායන අරමුණ බවත්, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරනවා. සමගි ජන බලවේගය තුළ ගැටලු නිර්මාණය කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් තමන් රජයට එක්වන බවට අසත්ය ප්රචාර පතුරුවන බව පවසන මන්ත්රීවරයා, එවැනි කිසිදු සාකච්ඡාවක් රජය සමග පවත්වා නොමැති බවද සඳහන් කර […]
අටමස්ථානාධිපති හිමි රිමාන්ඩ් කිරීම අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කරයි

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක්කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්රාත්වරයාගේ නියෝගයකට අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න ප්රතික්ෂේප කළේ ය. එලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ […]
කාලගුණයෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්ක සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි […]