“පළාත් සභා මැතිවරණය මේ වසරේ තියන්නේ නැහැ..”

මේ වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. එහිදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දීයාවෙන් යම් බලපෑමක් සිදුවන්නේදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. […]

නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ..

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහායවීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.  එහි ප්‍රකාශිකාවක් අවධාරණය කර ඇත්තේ, එවැනි කාණ්ඩායමක් යෙදවීමක් සිදු කර නොමැති බවයි.  බොහෝ රටවල සම්මත පිළිවෙතක් ලෙස […]

“දුෂ්කර පළාත්වල ඕන තරම් ගෑනු ළමයි දූෂණය වෙනවා..”

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට රාජ්‍ය නොවන සහ බෞද්ධ විරෝධී සංවිධාන එක්ව විරුද්ධව කරුණු දක්වමින්, උන්වහන්සේව වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම සඳහා මහජනතාව පෙළඹවීමක් සිදුකරන බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ප්‍රකාශ කළා. අනුරාධපුරය වැනි දුෂ්කර පළාත්වල වයස අවුරුදු 7, 8, 10 සහ […]

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවය. මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313ක් පීඩාවට ලක්ව ඇති අතර […]

විමල් වීරවංශ අත්අඩංගුවට?

“රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි” යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ‘ පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා ” යයිද ඔහු සඳහන් කළේය. රාජකාරියට බාධා කිරීමක් කළා නම් ඒ අවස්ථාවේදි අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව හෙතෙම ප්‍රකාශ කළේය. වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග […]

දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වීම සඳහා මේවනවිට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මැයි 29 වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි. කෙසේවෙතත් දන්සලක් ලබාදීමට අදහස් කරන්නේ නම් එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිදු කරන ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී […]