විමල් වීරවංශ අත්අඩංගුවට?

“රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි” යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ‘

පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා ” යයිද ඔහු සඳහන් කළේය.

රාජකාරියට බාධා කිරීමක් කළා නම් ඒ අවස්ථාවේදි අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව හෙතෙම ප්‍රකාශ කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ මහතා,

“සියලු රට වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකයට මල් තියලා, වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න ගියා. ඒකට බාධා කරා. බාධා කරලා දැන් අපිට කියනවා ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියලා. අපි සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්ත කට්ටියට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. අපි ගියේ මොකක් හරි අත්පත් කරගන්න නෙවෙයි. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා. අපට නීතිය එක විදිහක්. අන්තරේ පැටව් ටික මල්වානේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගරහිතයි” යනුවෙන් පැවසීය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *