“බැසිල්ට අසනීප නිසා පැය ගාණක් ට්‍රැවල් කරන්න බැහැ..”

බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට ගුවන් ගමන්වල යෙදීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳාහන් කළා. එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් සමාගම් පවා ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් වගකීමක් භාර […]
අටමස්ථානාධිපති විශ්වය පුරා විහිදේ.. – අල් ජසීරා ලෝකයටම කියයි..

ශ්‍රී ලංකාවේ අති පූජනීය සිද්ධස්ථානයක් වන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරීත්වය දැරූ 71 හැවිරිදි පල්ලේගම හේමරතන හිමියන් එල්ල වී ඇති ළමා අපචාර චෝදනාවක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් සහ වගකීම්වලින් අත්හිටුවීමට මල්වතු පාර්ශවයේ සංඝ සභාව තීරණය කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. අල් ජසීරා වාර්තාවට අනුව, හේමරතන හිමියන්ට […]
ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට?

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසීය. ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ දැමීමේ තීරණයක් ගෙන තිබේ. […]