“සුරේෂ් සලේට ගහද්දී, ඇයි රාජපක්ෂලා අඬන්නේ..”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ විමර්ශන ඔස්සේ කරුණු අනාවරණය වෙද්දී රාජපක්ෂ කඳවුර දැඩි ලෙස කලබල වී ඇති බවත්, හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊට එරෙහිව හඬ නඟන බවත් වසන්ත මුදලිගේ මහතා පවසයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් බලයට රැගෙන […]

ඉන්ධන හිගයක්, විදුලි කප්පාදුවක් නෑ.. මිල වැඩි විය හැකියි.. – ජනපති

රට තුළ ඉන්ධන හිඟයක් මතු වීමට, විදුලිය විසන්ධි කිරීමට හෝ කෘෂිකාර්මික පොහොර සහ ඖෂධ වර්ග සපයා ගැනීමේ අපහසුතාවක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ. එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී වර්තමාන තෙල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව මෙන්ම මෙරට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳව […]

මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මීගොඩ මාරක අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ අනතුර සිදුකර පලාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙක්ය. ඔවුන් අද (6) උදෑසන මීගොඩ පොලිස් ස්ථානය වෙත නීතිඥයෙකු මාර්ගයෙන් ‍පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.