“මේ ආණ්ඩුව වට්ටවන්න මට කිසිම වුවමනාවක් නැහැ..”

පවතින ආණ්ඩුව බිඳවැටීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, ආණ්ඩුව බිඳවැටෙන්නේ නම් තමන් ඇතුළු පිරිස මෙලෙස නොසිටින බවත් ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බවයි. ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීමට විපක්ෂය උත්සාහ කළද, ඉන් අනතුරුව රට බාරගන්නේ කවුරුන්ද යන ගැටලුව පවතින බව ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වාදෙනවා. […]
ප්‍රා.ලේකම්වරුන් සඳුදා රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කරයි

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මහජන දිනය ලෙස වෙන්කර ඇති සදුදා දිනවල විවිධ අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය […]
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේ, මීට සුළු මොහොතකට පෙර ඒ මහතා ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඒ මහතා, මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් […]
ලන්ඩන් ගමන ගැන මෛත්‍රීට නඩු දාන්නෑ.. රනිල්ට චෝදනා ගොනු කරනවා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව, හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇත. එම උපාධි ප්‍රදානෝත්සවයේදී ඇය වෙත ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමා තිබුණි. […]
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට ලිපියක්

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ. අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා ශාරිරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බවය. සුරේෂ් සලේ […]
“මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න”

සිය සැමියා වසර 38ක් පුරාම රට වෙනුවෙන් ජීවිතය කැප කරමින් සේවය කළ බවත් ඒ වෙනුවෙන් ජනතාවට කෘතගුණ දැක්වීමට කාලය එළැඹ ඇති බවත් හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසයි. මාරාන්තික උපවාසයක් අරඹා සිටින සුරේෂ් සලේ මහතා බැලීමට අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය. එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ […]
හෙටින් පසු පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50කින් අඩු වෙයි

බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය විසින් තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ වනවිටත් බස් රථ සියයට 25ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්වී ඇති බවය. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට යහපත් ප්‍රතිචාරයක් […]
හැකර් සිද්ධියේ වාර්තාව ගැන කතාකරන්න මුදල් කාරක සභාව හෙට රැස්වෙයි

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (08) පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලැබී තිබුණා. එම වාර්තාව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නිවසට එවනු ලැබු අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප […]