සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමට සහාය දක්වමින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් ලබන 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. සුරේෂ් සලේ මහතා විසින් අදාළ රිට් පෙත්සම ගොනු කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම […]

නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි

“අනේ එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. එදාමයි එතනට වැඩට ගිහින් තියෙන්නේ. දොරක්වත් තියෙන තැනක් දන්න කෙනෙක් නෙමෙයි. එහෙම උනා නම් එළියට පැනලා බේරෙන්න හරි එයාට තිබුණා. එක දවසයි එතැනට ගිහිල්ලා. ආයුධයක්වත් අතේ තිබිල නැහැ. අනේ එයාගේ මූණවත් බලන්න බැරි වෙන තරමට මුං ගහලා ගහලා තමයි එයාව මරලා දාලා තියෙන්නේ. මගේ දරුවට තාත්තෙක් නැති කළා. […]

තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති අනුර අතින් අද ජනතා අයිතියට

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් අංගමුව ජලාශය ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක කළ තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් සහ ගල්නෑව ප්‍රාදේශීය […]