2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට

2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සැප්තැම්බර් මස 18 වන දින සිදුකෙරෙන අතර එය පළමු වර කියවීම ඔක්තෝබර් මස 07 වන දින සිදුවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

අමාත්‍යංශ අනුව වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස 14 වන දින යොමු කිරිමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20වන දින දක්වා සිදු කෙරෙන අතර කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *