UNHRC හිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හැසිරීම ගැන දිලිත් කනස්සල්ලෙන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

මන්ත්‍රී දිලිත් ජයවීර සිය සටහන මගින් පෙන්වා දෙන්නේ, මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බැඳී සිටින නියෝජිත කණ්ඩායම මිලියන 22ක් වූ ජනතාවට ඒ පිළිබඳ වහා වග විය යුතු බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ යෝජනාවට පක්ෂව මිතුරු රටවල් පවා අදහස් දැක්වීම “කම්පනයට පත්වන පාවාදීමක්” බව සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ ජාතියේ ප්‍රමුඛතාවන් හෑල්ලුවට ලක්වීම වත්මන් රජයේ දුර්වලතාව හා අසමත්භාවය ප්‍රදර්ශනය කිරීමක් බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ ආකාරය අතිශයින්ම විනාශකාරී බවය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *