නඩුවක් විභාග වෙද්දී විත්තිකරු විනිසුරුට වෙඩි තබයි

ඇල්බේනියාවේ අධිකරණයක විභාග වෙමින් පැවැති නඩුවක විත්තිකරු විසින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුට වෙඩි තබා ඝාතනය කොට ඇතැයි වාර්තා වේ. දේපළ ආරවුලක් සම්බන්ධව පැවති නඩුවක් විභාග වෙමින් තිබියදී විත්තිකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මෙසේ ඝාතනය වී ඇත්තේ, ඇස්ට්‍රිට් කලාජා නම් වන අභියාචනාධිකරණ විනිසුරුවරයා බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. තිස් හැවිරිදි වියේ පසුවන […]
වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මාන ලබයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය ඉන්දියාවේ මුම්බායි නුවර පැවති 27 වන CEAT ක්‍රිකට් සම්මාන උළෙලේදී “වසරේ ටෙස්ට් පන්දු යවන්නා” ලෙස නම් කර තිබෙනවා. ඔහුට මෙම සම්මානය හිමි වූයේ, ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ඔහු වසර පුරා දැක්වූ සුවිශේෂී දස්කම් වෙනුවෙන්. මෙම සම්මානය හරහා ඔහුගේ පන්දු යැවීමේ නිවැරදිභාවය, ස්ථාවරත්වය මෙන්ම තරග වෙනස් […]
ශානි ඇතුළු තිදෙනෙකුගේ පෙත්සම් විභාගයට අවසර

2020 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට (හිටපු) අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 08) අවසර ලබා දී තිබේ. අදාළ සිදුවීමේදී කිසිදු සාධාරණ සැකයක් නොමැතිව […]
අල්ලස් චෝදනා මත හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සැකකරිය මීට පෙර හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කර ඇති අතර […]
බැංකු කාර්ඩ් එකෙන් බස් ටිකට් එකට ගෙවන්න අවස්ථාව

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය. “බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය […]
ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ඒ බව සඳහන් කළේය. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මත කරදීමට කටයුතු කරන බව පසුගිය අයවැයේදී අමාත්‍යවරයා පැවසූ නමුත් අද එය බොරු පොරොන්දුවක් බවට […]
ලෝක රන් මිල ඩොලර් 4,000 පනී

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. මේ අතර අද (08) දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව ඊයේ දිනයේ රු 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල […]
විදුලි ගාස්තු සංශෝධන ගැන කොමිසමේ අවසන් තීන්දුව ලබන 14 දෙයි

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය ලබන 14 වන දා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. 2025 වසරේ අවසන් කාර්තුව සඳහා 6.8%කින් විදුලිය ගාස්තු වැඩි කළ යුතු බවට පසුගිය අගෝස්තු 27 වන දා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව පළාත් මට්ටමින් වාචික […]
වාහන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදය ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය. පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු 165,512 ලබාදී නොමැති බවය. වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් පවතින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. “වාහන […]
රංග අධ්‍යක්ෂ ජනරාල් කරන්න දාපු බිමල්ගේ ජිල්මාට් හැන්සාඩ් ගතවෙයි : කතානායකටත් චෝදනා

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ඇතිවූ මතභේදකාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර විසින් ඊයේ (07) කථානායකවරයා වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇත. මන්ත්‍රීවරයා විසින් කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන්නේ, මෙම පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නොමග යැවීමක් සිදුව […]