රනිල්ට නිල ආරාධනාවක් කලා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ (University of Wolverhampton) පැවැති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයේ එම විශ්වවිද්‍යාලය කළ නිල ආරාධනයකට අනුව බව එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

එම උපාධි ප්‍රදානෝත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමා තිබිණිකොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් විශ්වවිද්‍යාලය මේ බව දන්වා තිබේ.

2023 වසරේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ මෙම සංචාරය පෞද්ගලික සංචාරයක්‘ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර චෝදනා කර තිබූ අතරඒ සඳහා රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කර ඇති බවට විමර්ශනයක් ආරම්භ විය.

කෙසේ වෙතත්වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇත්තේ තම විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය රජයේ අරමුදල් ලබනරජයට අනුබද්ධ ආයතනයක් බවයි.

මෙම තොරතුරු ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අන්‍යෝන්‍ය නීති සහයෝගීතා‘ (MLA) රාමුව යටතේ කටයුතු කිරීමට සැලසුම් කර තිබුණදඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෘජුවම විද්‍යුත් තැපෑල හරහා ප්‍රශ්නාවලියක් යොමු කර මෙම පිළිතුරු ලබාගෙන ඇතමෙම තොරතුරු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හෝ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුවත් කර තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතරහෘද සැත්කමකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේදී සුවය ලබමින් සිටීපැය කිහිපයක් පුරා පැවැති එම සැත්කමෙන් පසු වෛද්‍යවරුන් ඔහුට පූර්ණ විවේකය නිර්දේශ කර ඇති අතරඅමුත්තන් බැලීමද සීමා කර ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව අප්‍රේල් මස 27 වනදා නැවත කැඳවීමට නියමිතය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *