බස් රථ 100ක් මිලදී ගැනීමේදී අදාළ සමාගමෙන් තමන් ‘පගාවක්’ ඉල්ලා සිටි බවත් එම පගාව ඉල්ලා සිටියේ තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නොව, රජයට නොමිලේ තවත් බස් රථ 4ක් ලබාගැනීම වෙනුවෙන් බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
සාමාන්‍යයෙන් මෙවැනි මහා පරිමාණ ගනුදෙනුවලදී දේශපාලඥයන් තමන් වෙනුවෙන් කොමිස් මුදල් ලබාගන්නා පැරණි දූෂිත සංස්කෘතිය වෙනස් කරමින්, වත්මන් රජය එම වාසිය රටට අත්කර දුන් ආකාරය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
ලංගම රථ ඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙට්‍රෝ බස් රථ සමාගම හරහා ගෙන්වන එක් ‘ලෝෆ්ලෝ’ (Low-floor) බස් රථයක වටිනාකම රුපියල් මිලියන 42 ක් බවත් රජය විසින් මිලදී ගත් බස් රථ 100 ට අමතරව, කිසිදු අමතර ගෙවීමකින් තොරව තවත් බස් රථ 4 ක් ලබාදීමට අදාළ සමාගම එකඟ වූ බව ඔහු පවසනවා.
ඒ අනුව එක් බස් රථයක් ලක්ෂ 420 බැගින් රුපියල් ලක්ෂ 1680 ක (මිලියන 168 ක) දැවැන්ත මුදලක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
“මෙවැනි විශාල ගනුදෙනුවලදී ඇමතිට, නියෝජ්‍ය ඇමතිට හෝ ලේකම්ට පංගුවක් දෙන්න කියලා අපි සතයක්වත් ඉල්ලලා නැහැ. ටොෆියක්වත් ඉල්ලලා නැහැ. අපි ඉල්ලුවේ මේ සල්ලි ගෙවන මහජනතාවට මොනවද අමතරව දෙන්න පුළුවන් කියලා විතරයි,”
එමෙන්ම නව බස් රථ 100 ජූලි මාසය වන විට ලැබෙන අතර අගෝස්තු මාසයේදී ඒවා ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඉදිරියේදී තවත් බස් රථ 200 ක ඇනවුමක් ලබාදීමට නියමිත අතර, එහිදීද රජය වෙනුවෙන් තවත් බස් රථ 10-15 ක් පමණ ‘ නොමිලේ ‘ ඉල්ලා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලයේ හෝ මන්ත්‍රීවරුන්ගේ කිසිදු දූෂිත ක්‍රියාවක් නොමැති බවත්, එම අවංකභාවය තුළින් රටට ලැබෙන වාසි උපරිම කරගන්නා බවයි.



