කොළඹ බෝම්බ තියන්න සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මඟපෙන්වීම මත කොළඹ නගරය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) දින ජාඇලකලා වීදිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු කොටු කරගෙන ඇත.

මොහු කොළඹ 15 ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් කොළඹ ස්ථාන කිහිපයක පිපිරවීම් සිදුකිරීමට මොහු සැලසුම් සකස් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *