ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට වහාම ස්ථාන මාරුවක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

පොලිසිය පවසන ආකාරයට පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *