යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට

යෝෂිත රාජපක්ෂ අද (17) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට (British Royal Naval College) බැඳීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා, අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව මෙලෙස පැමිණ තිබේ.

නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු බඳවා ගැනීමේදී පැවති අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කිරීම සහ රාජ්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් බ්‍රිතාන්‍ය නාවික ඇකඩමියේ පුහුණුව ලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

ඊයේ දින අධිකරණ කටයුත්තක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව දැනුම් දීමෙන් පසුව, අල්ලස් කොමිසම විසින් කරන ලද නැවත දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද දින මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *