ගාල්ල, කටුගොඩ ප්රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වු සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති අතර පසුගිය 19 වන දින සිට ඇණහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (23) අලුයම සිට යළි ආරම්භ වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවයි.



