පද්මෙට දෙසැම්බර් 02 දක්වා CIDයෙන් පිටත ගමන් බෑ

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් 2වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියම කළා. තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ […]

කිසිදාක මදුරුවන් නොසිටි රටකින් මදුරුවෙක් හමුවෙයි

මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබේ.  මෙවර වසන්ත සමයේ දී එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යෑම මදුරුවන් බෝවීමට හේතුවක් වී ඇති බව සඳහන්. කෘමි සතුන් සම්බන්ධයෙන් උනන්දුවක් එරට වැසියෙකු සලබයන් නිරීක්ෂණය කරමින් සිටියදී මෙලෙස මදුරුවන්ට සොයාගැනීමට හැකිව තිබේ. අයිස්ලන්තයෙන් මදුරුවන් සොයාගැනීමට පෙර එරට හා ඇන්ටාක්ටිකාව ලෝකයේ මදුරුවන්ගෙන් තොර ප්‍රදේශ ලෙස […]

ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ එක පැත්තක CCTV නෑ

ප්‍රංශයේ ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයෙන් යුරෝ මිලියන 100 කට අධික (රුපියල් බිලියන 30 කට අධික) ඓතිහාසික මැණික් ආභරණ තොගයක් සොරකම් කිරීමට සොරුන් ඇතුළු වූ දෙවන මහලේ බැල්කනියක ආරක්ෂක කැමරා සවි කර නොතිබූ බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ප්‍රංශ සෙනෙට් කමිටුවක් හමුවේ පවසා තිබෙනවා. ලූවර් කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය වන ලෝරන්ස් ඩෙස් කාර්ස් (Laurence des Cars) ඊයේ (22) සෙනෙට් සභිකයින්ට […]

හැමතැනටම ආරක්‍ෂාව දෙන්න ප්‍රතිපාදන නෑ – චතුරංග අබේසිංහ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීමෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේ, “ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව” ය. එහෙත්, “හැම තැනක්ම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද” ඒ මහතා පැහැදිලි කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ ප්‍රාදේශීය සභා පමණක් නොව […]

අවවාදාත්මක නිවේදනයක් – සීරුවෙන් සිටින්න

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි. අද (23) දහවල් 1.00ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. ඉහත සිතියමේ ‘Advisory’ කාණ්ඩය යටතේ ලකුණු කර ඇති […]

මහජන ආරක්ෂක ඇමති ළඟ ශිෂ්ඨ සම්පන්න ගතිගුණ නෑ

ඝාතන සාධාරණීකරණය කරන ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩු පාර්ශවය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ සභාව […]

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන (31) වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා […]

මරණ දණ්ඩනය පෝලිමේ පාසල් සිසුන් 05ක්

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මෙරට අනාගත පරපුර විනාශ කරමින් සිටින බවය. නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා මෙම අදහස් පල කළේය. “එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාරය තුළ 805ක්. එල්ලා මරන්න […]

පුටින් හමුවීම ට්‍රම්ප් අවලංගු කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවක් අවලංගු කර තිබෙනවා. මෙම සමුළුව සඳහා බුඩාපෙස්ට් නුවර ස්ථානයක් ලෙස යෝජනා වී තිබුණා. ජනාධිපති ට්‍රම්ප් තම තීරණය පැහැදිලි කරමින් කියා සිටියේ, “ඒක හරියාවි කියලා මට හිතුණේ නෑ. අප යා යුතු තැනට යන්න අපට පුළුවන් වේවි කියල හිතුණේ නෑ. […]

වැලිගම සභාපතිගේ ඝාතකයින් අනාවරණය වෙයි

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්. දින 2 – 3 ක් ඇතුළත ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ. නිල කාමරයේ රැඳී සිටි අවස්ථාවේ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර […]