ආරක්ෂාව ගැන අවදියෙන් ඉන්න – මහින්දගෙන් ජගත්ට උපදෙස්

ආරක්ෂාව ගැන හොඳ අවදියෙන් පසුවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මරණ තර්ජන එල්ල වී ඇති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් බිතාන මහතාගෙන් ඉල්ලීමක් කළේය.

හැකි තරම් ආරක්ෂාවට අදාළ දේවල් සහ මන්ත්‍රීවරයාට සිදුවූ අසාධාරණය පිළිබඳව කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රාජපක්ෂ මහතා ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවයට පසුගියදා එක් වූ අවස්ථාවේදීය.

ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණ තර්ජන හා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිවරයා කර තිබෙන ප්‍රකාශය හා ඒ සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ජගත් ව්තාන මහතා හිටපු ජනාධිපතිවරයාව දැනුවත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජගත් විතාන මහතාට සිදුවූ අසාධාරණය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සියලු තොරතුරු හැන්සාඩ් ගත කරන ලෙස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

එම තොරතුරු හැන්සාඩ් ගත කිරීමෙන් ඒවා වටිනා ඩොකියුමන්ට්ස් බවට පත්වනු ඇතැයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වසර ගණනාවක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති නායකයකු ලෙසයි.

තමා එම තොරතුරු මේ වෙන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් හැන්සාඩ් ගත කර ඇති බව ජගත් විතාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් වලට සිය ස්තුතිය පළ කරමිනි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *