නිල සංචාරය..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් 2025 ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව් දින නිල සංචාරයක නිරත විය.

අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉදිරියට ගෙන යාම, ආයතනික විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ ලෙස පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසින් මෙම සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් සහ අනුග්‍රහය සපයා තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ද මෙම සංචාරය සඳහා සහභාගිවී සිටියේය.

මෙහිදී ඵලදායී නීති සම්පාදනය, අධීක්ෂණය සහ යහපාලනය ප්‍රවර්ධනය කරන ආයතනික රාමු සහ භාවිතයන් කෙරෙහි ද අවධානය යොමු වී ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *