බවුසර හිරවෙයි.. තෙල් හිගවෙයි..

කොළොන්නාවේ සිට හැටන් කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථ ඉන්ධන ගොඩබැමෙන් පසු එම බවුසර් රථ දින ගණනක් තිස්සේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගාල් කර ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයම විශාල පසු කදු ගණනාවක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වීම නිසා තමන්ට ආපසු කොළඹට යෑමට නොහැකිව තමන් බවුසර් රථවලට රැදී සිටින බවයි එම බවුසර් රථවල රියදුරන් කියා සිටින්නේ.

ප්‍රධාන මාර්ගවල වංගු සහිත ස්ථානවල පස් කදු කඩා වැටුණු ස්ථාන වල මන්තීරු දෙකම පස් ඉවත් කළ හොත් පමණක් තම බවුසර් රථ කොළඹ දක්වා ධාවනය කල හැකි බවයි එම බවුසර් රථවල රියදුරන් කියා සිටියේ.

තමන් කොළොන්නාවට ගියහොත් පමනක් ආපසු ඉන්ධන රැගෙන ඒමට හැකි බවත්, නැතහොත් ඉන්ධන හිගයක් ඇති වීමට ඉඩ ඇති බවයි එම බවුසර්  රථවල රියදුරන් කියා සිටින්නේ.

මේ අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග තබා ගනිමින් ඉන්ධන නිකුත් නොකරන අතර, ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල්වල දිගු පොලිම් දක්නට ලැබුණි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *