නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම්

‘දිට්වා’ සුළු කුණාටුන් හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස්
දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව, නායයෑමට ලක් වූ ඉඩම් රක්ෂිත බවට පත් කිරීමෙන් පසු එම ඉඩම් නැවත මැනීම් කටයුතු සිදුකළ යුතු බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා සඳහන් කරයි.

මෙහිදී අවදානම් කලාප තුළ පිහිටි ඉඩම් රක්‍ෂිත බවට පත් කිරීමට තීරණය කළොත් දීමනා බලපත්‍රයක් හිමි එම ඉඩම් සඳහා වටිනාකම තක්සේරු කර වන්දි මුදලක් හෝ නැවත ඉඩමක් ලබාදීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

මෙහිදී ඇතැම් පදිංචිකරුවන් රජයේ ඉඩම්හි අනවසරයෙන් පදිංචි වී ඇති බවත් ඒ සඳහා ද මෙම ක්‍රියාමාර්ගය සිදු කිරීමට එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කයන්හි ඉඩම් කාර්යාල වෙත දන්වා යවා ඇති බව ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *