ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා ඒ බව සඳහන් කළේය. ඒ මහතා සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලමද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 03ක්ද, […]
ජුලි චන්ග් සහ ගෝමික උඩුගමසූරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පසුගියදා සිදුව තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳවත්, ශ්‍රී ලංකාව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ‘ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය’ පිළිබඳවත් […]
නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම්

‘දිට්වා’ සුළු කුණාටුන් හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස්දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව, නායයෑමට ලක් වූ ඉඩම් රක්ෂිත බවට පත් කිරීමෙන් පසු එම ඉඩම් නැවත මැනීම් කටයුතු සිදුකළ යුතු බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා සඳහන් කරයි. මෙහිදී අවදානම් කලාප තුළ පිහිටි ඉඩම් රක්ෂිත බවට පත් කිරීමට තීරණය […]
දෙසැම්බර් සහ ජනවාරියේ කාලගුණය ගැනත් රතු එළි

දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී තරංග ආකාරයේ කැලඹීම්, අඩුපීඩන කලාප සහ අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එමෙන්ම ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග […]
ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අලුත් කෙරේ

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත්කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. ඒ අනුව ඊට අදාළ ගිවිසුම ඊයේ (12) ඉතාලියේ රෝමයේ දී අත්සන් තබන ලදී. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, විදේශ කටයුතු […]
නාමල් ජනපති කරවීමේ සටන මහින්ද භාර ගනියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2029 දී රටේ ජනපති කිරීමේ සටන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාර ගෙන ඇත. කොළඹ රැඳී සිටිමින් විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඒකාබද්ධව එම සටන දියත් කිරීම සඳහා කොළඹින් නිවසක් ද ගෙන ඇති බව වාර්තාවේ. එම වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් […]
ඉන්දීය මහ කොමසාරිස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදකී

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ඊයේ (12) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. එහිදී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ද සඳහන් කළේ, ශ්‍රී ලංකාව යම්කිසි ගැටලුවකට මුහුණදුන් ඕනෑම අවස්ථාවක ඉන්දියාව ක්ෂණිකව ක්‍රියාත්මක වී අවශ්‍ය […]
‘ජෝන් සීනා’ රෙස්ලිං වළල්ලට සමුදෙන දිනය හෙට

වෘත්තීය මල්ලවපොර ඉතිහාසයේ විශිෂ්ටතමයන් අතර සිටින WWE පුරාවෘත්තය වන ජෝන් සීනා සිය දශක දෙකක ක්‍රීඩා ජීවිතයේ අවසන් වළලු තුළ (WWE) තරගයට හෙට (14) මුහුණ දීමට නියමිතයි. මෙම අවසන් තරගය සඳහා ඔහු මුහුණ දෙන්නේ GUNTHER සමගින්, Saturday Night’s Main Event නමැති තරගාවලියේදීයි. මෙම තරගය ජෝන් සීනාගේ වසර 20ක විශිෂ්ට වෘත්තීය ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරනු ලබනවා. මෙම […]
“හිතලා කරා නෙවෙයිනේ.. චෝදනාව සම්පූර්ණ අසත්‍යයක්”

හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ මෝටර් රථය පෙරේදා (11 ) සවස හදිසි අනතුරකට ලක්වීම හිතාමතා සිදුකළ ක්‍රියාවක් නොව අහම්බෙන් සිදු වූවක් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අනතුරට ලක්වූ පවුලේ තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව තහවුරු කළේය. විශේෂයෙන්ම, රන්වල මන්ත‍්‍රීවරයා මත්පැන් […]
නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනාවක් සිදුකර තිබේ. එම පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව එළැඹෙන 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ඇතුළු විවිධ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව […]