UDA නව සභාපති පුටුව එම්. ජී. හේමචන්ද්‍රට

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නව සභාපතිවරයා ලෙස සංවර්ධන විශේෂඥයෙකු වන එම්. ජී. හේමචන්ද්‍ර පත් කර තිබෙනවා.

ඔහු පසුගිය දෙසැම්බර් 20 වැනිදා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

ඔහු ශ්‍රී ලංකාවේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු සහ ණය ව්‍යාපෘති ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඔහු මීට පෙර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) සේවය කර තිබෙනවා.

මේ අතර මේ වන විට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

මොහු යටිතල පහසුකම් කළමනාකරණය සහ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්.

සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද ඔහු සතු පුළුල් තාක්ෂණික දැනුම සහ වෘත්තීය පළපුරුද්ද ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රගතියට මහත් දායකත්වයක් වනු ඇති.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *