Call of duty සම නිර්මාතෘ වින්ස් සැම්පෙලා දිවි ගමනට සමුදෙයි

ලොව වඩාත් ජනප්‍රියම වීඩියෝ ක්‍රීඩාවක් වන Call of Duty මාලාවේ සම-නිර්මාතෘවරයෙකු සහ ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු වූ වින්ස් සැම්පෙලා ලොස් ඇන්ජලීස්වල අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 55ක්. වාර්තාවන්ට අනුව වින්ස් තවත් පුද්ගලයෙකු සමග ෆෙරාරි රථයකින් ගමන්ගන්නා අතරතුර අධිවේගී මාර්ගයේදී රථය ඉවතට විසිවී ගොස් කොන්ක්‍රීට් බාධකයක ගැටී රථය […]
සුරක්ෂා සිසු රක්ෂණාවරණය සංශෝධනය කෙරේ

විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩවය සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ සිසු සිසුවියන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය […]
“ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න” – ජනපතිට ලිපියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්ථිර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට මෙම පත්වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් නීතිඥ සංගමය ඊයේ (22) දිනැතිව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. 2025 අප්‍රේල් මාසයේදී හිටපු […]
ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය. ශක්තිමත් පරිපාලන […]
පාසල් නිවාඩුවේ වෙනසක්

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවය. ඒ අනුව 2026 අධ්‍යයන […]
නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කරයි. ඊයේ (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි. වෙඩි තැබීමෙන් තුවාල සිදු වූ තරුණයා […]
සතිස්චන්ද්‍රයන්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය හෙට (24) උදෑසන 7.30ට නිවසට රැගෙන යෑමට නියමිත අතර, බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එදින සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ අවසන් කටයුතු සිදුකෙරෙණු ඇත. තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි […]
ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ. Novo Nordisk සමාගම පවසන පරිදි, මෙවැනි පෙත්තක් සඳහා අනුමැතිය ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, එය බර අඩුකිරීමේ ඖෂධ ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක් ලෙසද හැඳින්වේ. දිනකට වරක් […]
අර්චුනාට වරෙන්තු

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (23) නියෝග කළා. කොටුව පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා බලපෑම් කළ බවට වන නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති මන්ත්‍රිවරයා විවෘත […]
“මාලිමා ආණ්ඩුව කිච වෙලා තියෙන්නේ..”

මාලිමා ආණ්ඩුව හොඳ තත්ත්වයකින් නොව කිච තත්ත්වයක යමින් පවතින බව දක්නට ලැබෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. විශේෂයෙන් ම ආපදා තත්ත්වයේදීත් හිටපු කතානායක අශෝක රන්වලගේ රිය අනතුර සිද්ධියත් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ හැසිරීමේ සිද්ධියත් ගත් විට ආණ්ඩුව කිච කරන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට පවතින බව ද ආචාර්යවරයා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය ඉතා […]