සීගිරියේ PickMe විරෝධයක්

PickMe, Uber වැනි ජංගම යෙදුම් හරහා ප්‍රවාහන සේවා සපයන රියදුරන්ට තමා ඇතුලු සියලුම ත්‍රීරෝද රථ රියදුරන් දැඩි විරෝධය දක්වන බවත්, ඔවුන් සීගිරිය ප්‍රදේශයට විශාල පිළිලයක් බවට පත්වෙමින් සිටින බවත් කියමින් සීගිරිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් අද (29) විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් පවසන්නේ, වර්තමානය වන විට ත්‍රීරොද රථ රියදුරන්ට ලක්ෂ 20ක පමණ මුදලකට ත්‍රීරෝද රථ මිලදී ගැනීමට සිදුව ඇති බවත්, එලෙස මිලදී ගෙනත් PickMe, Uber වැනි ජංගම යෙදුම් හරහා ප්‍රවාහන සේවා සපයන රියදුරන් හේතුවෙන් ඔවුන්ට කිසිදු ආදායමක් උපයා ගැනීමට නොහැකි බවයි.

තවද, එම රියදුරන් මාර්ගය දෙපස දමා ගොස් තිබෙන කසල ඉවත් කිරීමේ අරමුණින් ත්‍රීරෝද රථ රියදුරන් විසින් මෙම ස්ථානයේ ශ්‍රම්දානයක්ද පවත්වා තිබුණා.

එහිදී වැඩිදුරටත් චෝදනා කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ,

“මේක සීගිරිය ප්‍රදේශයට ලොකු පිළිලයක්. මේක අහිංසක ත්‍රීවීල් රථ රියදුරන් සාමාන්නයෙන් ඒ කාලේ තිබ්බ ත්‍රීවීල් එක ලක්ෂ 3ට 4ට අරගෙන දැන් ලක්ෂ 20ක් වෙනව. මේ පැත්තේ අහිංසක ජනතාව ලක්ෂ 20ක් දීලා ත්‍රීරෝද රථයක් අරන් ෆිනෑන්ස් එකක් ගෙවාගෙන දුවා දරුවන් ඔක්කොම අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා PickMe සහ uber කියන ප්‍රශ්නයක් නිසා. මෙයාලා කරන්නේ බෝතලෙන් මූණ හෝදනවා. අනෙකුත් අවශ්‍යතාවයක් බෝතායෙන් කරගන්නවා මේ කට්ටියව සම්පූර්ණයෙන් පාරට ඇදලා දාලා තියෙනවා. අද පුදුමාකාර විදිහට අසරණ වෙලා තියෙනවා. මේ තියෙන්නේ මෙයාලා බෝතලෙන් මූණ හොදගෙන හැමතැනම විසික්කරපු ඒවා.

PickMe කියන ඒවා අයින් කරන්න. එයාලට එන්න එපා කියන්න බෑ. එයාලා හයර් එක දාලා යන්නේ නෑ. පාර අයිනේ බුදියගෙන් ඉදලා ගමේ තියෙන හයර් එක අරන් යනවා. ත්‍රීරෝද රථ සංගම්වල මහත්වරුන්ට කිසිම ආදායමක් නෑ. අසරණ තත්වයට පත් වෙලා ඉන්නේ. “

එමෙන්ම, විරෝධතාවය දැක්වූ පරිශ්‍රයට පැමිණි සීගිරිය පොලිස් ස්ථානයේ සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ, මෙම විරෝධතාවය විසුරුවා හැරීමේ බලය පොලිස් පරීක්ෂක තනතුරට හෝ ඊට ඉහළ තනතුරකට තිබෙන බවයි.

එයට පිළිතුරු ලබා දෙමින් ත්‍රීරෝද රථ හිමියන් කියා සිටියේ, පොලිසියේ නීතියට තමන් ඇතුළු කණ්ඩායම ගරු කරන බවත්, මෙම ස්ථානයේ ශ්‍රමදානයක් කරනුයේ එම ජංගම යෙදුම් හරහා පැමිණි රියදුරන් මාර්ගය දෙපස දමා ගොස් තිබෙන කසල ඉවත් කිරීමේ අරමුණින් බවයි.

මෙම පිරිස දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එම ප්‍රාදේශීය සභාවට ගොස් තිබුණා.

එවිට දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ,

“මේවා පිළිගත් ආයතන. එතකොට මෙවා එන එක හරි යන එක හරි නතර කරන්න අයිතියක් නෑ. තැන් තැන්වල පාර්ක් කරන පාර්කින් මීට පස්සේ කරන්න බෑ. කරන්න ඉඩදෙන්නේ නෑ. ඒ වෙනුවෙන් කටයුතු කරන්නම්.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *