ලෝක ප්‍රකට ‘Hello Kitty’ චිත්‍රපටය 2028 වසරේ ජූලි 21 වන දින සිනමා ශාලාවලදී තිරගත කිරීමට නියමිත බවට නිවේදනයක් කර තිබෙනවා.
Waer Bros. සමාගම විසින් නිෂ්පාදනය කරන මෙය Sanrio චරිතය පදනම් කරගත් එකක් වන අතර එය දිගු කලක් තිස්සේ නිර්මාණය කෙරෙමින් පැවතුණා.
Waer Bros. Pictures, Animation සහ New Line Cinema වෙතින් ලැබෙන මෙම ව්‍යාපෘතිය කාගේත් ආදරය දිනාසිටින බළලකුගේ චරිතයක අනුවර්තනයක්.
චිත්‍රාගාරය විසින් මෙම නිර්මාණය මුදාහැරීමේ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ සමාජ මාධ්‍ය සටහනේ මෙසේ සඳහන් වුණා.
“Hello Hollywood,”…
“HelloKittyMovie 2028 ජූලි 21 වන දින සිනමා ශාලාවලට පැමිණේ!”.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ලියෝ මත්සුඩා විසින්.
Beau Flynn මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදකවරයායි.
Flynn Picture Company වෙනුවෙන් Shelby Thomas විසින් එය අධීක්ෂණය කරනවා. කෙසේ වෙතත්, චිත්‍රපටයේ කථා වස්තුව පිළිබඳ විස්තර තවමත් අනාවරණය වී නැහැ.
ජපන් සමාගමක් වන Sanrio විසින් මෙය මුලින්ම 1974 දී නිර්මාණය කළ අතර Yuko Shimizu විසින් නිර්මාණය කරන ලද ප්‍රමුඛතම චරිතය, රතු බෝ එකක් පැළඳ සිටින, මනුෂ්‍ය ස්වරූපයෙන් යුත්, බ්‍රිතාන්‍ය සුදු පූසෙක් වන Kitty White.
Hello Kitty කතා මාලාවක් ලෙස සජීවීකරණ වැඩසටහන් ගණනාවක් සහ වෙළඳපොළේ පුළුල් පරාසයක භාණ්ඩ පෙළක් අදටත් බිහිකරමින් පවතිනවා.
Hello Kitty විශාල තිරයට ගෙන ඒමට වසර දහයක් තිස්සේම සැලසුම් සකස් වෙමින් පැවතුණා.
Sanrio චිත්‍රපට අනුවර්තනයක් සඳහා සොයමින් සිටින බවට ප්‍රවෘත්ති මුලින්ම වාර්තා වූයේ 2015 වසරේදී යි. ඉන් වසර හතරකට පසු, එනම් 2019 දී, The Hollywood Reporter වාර්තා කළේ New Line සහ FlynnPictureCo. ඉංග්‍රීසි භාෂා විශේෂාංගයක් නිර්මාණය කරමින් සිටින බවයි.
මෙම චිත්‍රපටය වැදගත් වන්නේ Hello Kitty සහ Gudetama, My Melody සහ Little Twin Stars වැනි අනෙකුත් ජනප්‍රිය Sanrio චරිත ප්‍රධාන චිත්‍රාගාරයකට බලපත්‍ර ලබා දුන් පළමු අවස්ථාව මෙය සනිටුහන් කරන බැවිනි.
2019 දී Sanrio හි නිර්මාතෘ Shintaro Tsuji ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “Hello Kitty සහ අනෙකුත් ජනප්‍රිය Sanrio චරිත ඔවුන්ගේ හොලිවුඩ් මංගල දර්ශනයට පිවිසීම ගැන මම අතිශයින් සතුටු වෙනවා” යනුවෙන්.
ඔහු තවදුරටත් අදහස් දැක්වූයේ, “Hello Kitty දිගු කලක් තිස්සේ මිත්‍රත්වයේ සංකේතයක්. මෙම චිත්‍රපටය ලොව පුරා එම මිත්‍රත්වය වර්ධනය කිරීමට පමණක් උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන්.



