එළඹෙන T20I ත්රිත්ව තරගාවලියට නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු සහභාගී නොවන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
ඔවුන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මේ තීරණය ගෙන ඇති බවයි සඳහන්.
එම ක්රීඩකයින් දෙදෙනා පාකිස්තානයේ සිට ශ්රී ලංකාවට නැවත පැමිණෙනු ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ.
මේ අතර දසුන් ශානක කණ්ඩායමේ නායකත්වය දරන අතර, ඔවුන් දෙදෙනා වෙනුවට පවන් රත්නායක කණ්ඩායමට එක් කරන බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.



