අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ පවසයි.
ඇය පෙන්වා දුන්නේ, රජයක් ලෙස නිලධාරීන්ට අදාළ වගකීම් භාර දී ඇති බැවින් ඔවුන් තමන්ගේ වගකීම හරි හැටි මතක තබා ගත යුතු බව ය.
කෙසේ නමුත්, මෙම හය වසරේ මොඩියුලය සම්බන්ධ කුමන්ත්‍රණය කඩිනමින් හෙළි කරන බව ද මන්ත්‍රිවරිය පැවසුවා ය.
ඒ කෙසේ වුවත්, රජයක් ලෙස ගත් ප්රගතිශීලී ක්‍රියාමාර්ග කිසිසේත්ම ආපස්සට හරවන්නේ නොමැති බව ද මන්ත්‍රීවරිය පැවසූ අතර ඇය වැඩිදුරට ත් පෙන්වා දුන්නේ, අග්‍රාමාත්‍යවරිය ද මුලින්ම පැවසුවේ අලුත් දේවල් කරන විට අඩුපාඩුකම් සිදුවිය හැකිය යන්න බව තමා නැවත සිහිපත් කරන බව ය.



