ඇල්ලූ මත්ද්‍රව්‍ය වහා විනාශ කරන්න

අත්අ­ඩං­ගු­වට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩි­න­මින් විනාශ කිරීම සඳහා නව නීති සම්පා­ද­නය කර­න්නැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අධි­ක­ර­ණ අමා­ත්‍යාං­ශයේ බල­ධා­රීන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම විෂ උව­දු­රට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­න­යට විධි­මත් විද්‍යා­ත්මක වැඩ­ස­ට­හ­නක් සකස් කර­න්නැ­යිද ජනා­ධි­ප­ති­ව­රයා රටම එකට ජාතික සභා­වට උප­දෙස් දුන්නේය.

විෂ මත් උව­දුර තුරන් කිරීම සඳහා ගොඩ­න­ඟන ලද ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම් සභාවේ දෙවන සැසිය ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ දී ඊයේ (25) පෙර­ව­රුවේ කැඳ වූ අව­ස්ථාවේ දී ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

විෂ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­නය කිරීම පිළි­බඳ සමා­ජයේ විවිධ මත සහ අද­හස් පව­තින බවද, ඒවා ඇතැම් විට එකි­නෙ­කට පර­ස්පර ඒවා බවද, ඒ සියලු අද­හස් එකතු කර­ග­නි­මින් නව වැඩ­පි­ළි­වෙ­ළක් කාටත් පිළි­ගත හැකි පරිදි සකස් කළ යුතු බව ද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සු­වේය. එම තොර­තුරු සැල­කි­ල්ලට ගනි­මින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවි­ධාන ඇතුළු සියලු ආය­තන ඒක­රාශි කර­ගත් විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­යක් සකස් කළ යුතු බව ද ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

පුන­රු­ත්ථා­පන කට­යුතු සඳහා පුහුණු මානව සම්ප­තක් ගොඩ­නැ­ඟීම කෙරෙ­හිද මෙහි දී අව­ධා­නය යොමු විය. අත්අ­ඩං­ගු­වට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අව­ස්ථා­ව­ල­දීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටු­ම්ප­තක් ලබන මාර්තු මාසය වන විට සම්පා­ද­නය කරන ලෙසද ජනා­ධි­ප­ති­ව­රයා අධි­ක­රණ අමා­ත්‍යාං­ශ­යට උප­දෙස් දුන්නේය. මීට ප්‍රථම ලබා දුන් උප­දෙස් අනුව මේ වන විටත් එම කට­යුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණු ද සැල­කි­ල්ලට ගනි­මින් කඩි­නම්ව එම කට­යුතු අව­සන් කරන ලෙසද ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නේය. විෂ මත්ද්‍රව්‍ය තොග­යක් අත්අ­ඩං­ගු­වට ගත් විට එම ස්ථාන­යට මහේ­ස්ත්‍රා­ත්ව­රයා කැඳවා පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට, රස පරී­ක්ෂ­ක­ව­රයා කැඳවා එහි සාම්ප­ල­යක් ලබා ගැනී­මට සහ ඉන් අන­තු­රුව, අත්අ­ඩං­ගු­වට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරී­මට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සු­වේය. දැනට සැල­සුම් කර ඇති පරිදි රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ පුර­ප්පා­ඩුව පව­තින රස පරී­ක්ෂක තන­තුරු ස්ථිර සහ තාව­කා­ලික පද­න­මින් බඳවා ගැනී­මට අවශ්‍ය කට­යුතු කඩි­න­මින් සිදු කරන ලෙසද ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නේය. විෂ මත්ද්‍රව්‍ය උව­දුර පිටු­දැ­කීමේ ‘ඉවත් වෙනු – රටම එකට’ වැඩ­ස­ට­හන පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් දෙසැ­ම්බර් 06, 07 දෙදින තුළ සිය­ලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනි­මින් ක්‍රියා­ත්මක කිරී­මට ද සැල­සුම් කර ඇත.

සිය­ලුම රාජ්‍ය ආය­තන විෂ මත්ද්‍ර­ව්‍ය­ව­ලින් තොර බවට සහ­ති­ක­යක් දීමට අදාළ පාල­නය සමත් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියා­මාර්ග සැල­සුම් කරන ලෙසත් ජනා­ධි­ප­ති­ව­රයා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය. කුප්පි­යා­වත්තේ බෝධා­නන්ද නායක හිමි ඇතුළු හින්දු, කතෝ­ලික සහ ඉස්ලාම් ආග­මික නාය­ක­යෝද, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් රවි සෙනෙ­වි­රත්න, අර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයි­ය­කොන්තා, අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශයේ ලේකම් අයේෂා ජින­සේන, බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩබ්.පී. සේනා­ධීර, වැඩ­බ­ලන පොලි­ස්පති සංජීව ධර්ම­රත්න ඇතුළු රටම එකට ජාතික මෙහෙ­යුම් සභාව නියෝ­ජ­නය කරන රාජ්‍ය නිල­ධා­රීහු, කලා­ක­රුවෝ සහ සිවිල් සංවි­ධාන නියෝ­ජි­තයෝ මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *