නීති විරෝධී සහල් ආනයනකරු සමඟ හඬ පටය මගේ..

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වන මඩ ගැසීමේ සහ චරිත ඝාතන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අද (26 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහිදි මාධ්‍යට අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ, මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයින් දැන් පාර්ලිමේන්තු යනවා වෙනුවට යූටියුබ් වෙත යොමු වී ඇති බවත්, ඔවුන් තමන්ගේම යූටියුබ් චැනල් […]

සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක් වෙමිනි. කර්මාන්තයක් ලෙස […]

ඩේසි ෆොරස්ට්ගේ මානසික තත්ත්වය පරික්ෂා කිරීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේදැයි පරික්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී […]

රංවල නොදුන්නත් නාමල්ට දෙන්න තිබුණා !

යම් පුද්ගලයෙකු සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් නොකළ පමණින්, තවත් අයෙකුට එලෙස ඉදිරිපත් නොකර සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි. ඊයේ ( 25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී, හිටපු කතානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධි සහතිකය තවමත් ඉදිරිපත් කර නොමැති පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ උපාධිය ප්‍රශ්න කිරීම කෙතරම් සදාචාරාත්මක දැයි […]

සජිත්ගේ තීරණයට එජාපයේ පැසසුම්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එජාප – සජබ එකතු කිරීමේ වැඩ කටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වීම පිළිබඳව විශේෂ කෘතඥතාවය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවධාරණය කර සිටී. එජාප […]

සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය වසාදැමේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4 සිට වසාතැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ. සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් 35-37 කනු අතර ප්‍රදේශය මේ වනවිට අඩි 02ක් පමණ ජලයෙන් යටව පවතී. උදෑසන එම මාර්ගය […]

මෝදර දේවාලයේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු එළියට

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහදුර ඉසුරු නැමැත්තෙකු වන අතර ඔහුගේ පියා කරන්දෙණිය සුද්දා විසින් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත. සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය […]

පිටකොටුවේ පාවෙන වෙළෙඳ පොළ ජපන් ආයෝජකයෙකුට

නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය ඇමරිකානු ඩොලර් මිලියන 160 කට ජපන් ආයෝජකයෙකුට බදු දීමට සූදානම් වන බව වාර්තා වෙනවා. වත්මන් තත්ත්වය යටතේම බදු දීමට නියමිත මෙම සංකීර්ණයේ ඇති වෙළඳසල් සහ රාත්‍රී වෙළඳපොළ නවීකරණය කිරීමට ආයෝජකයා සැලසුම් කර තිබෙනවා. දැනට සිටින වෙළඳසැල් හිමියන්ට වන්දි ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතිනවා. එමෙන්ම, […]

ගල් ඔය ද්‍රෝණියට රතු නිවේදන

ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත. මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, […]

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මෙම නඩුවට ඇතුළත් කර ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මෙනවිය වැඩිදුරටත් නියෝග කළාය. පසුගිය […]